සියවසකට අධික කාලයක් පුරාවට කිතුණු දහම ශ්‍රී ලංකාවෙන් අතු ගා දමමින් ලන්දේසි ආගම පතුරුවන්න උත්සාහ ගත් කාල වකවානුවේ, තම දිවි පරදුවට තබා අප දිවයිනට සැපත් වූ ජුසේවාස් පියතුමන් දෙවි පියාණන් වහන්සේගෙන් ම ලද ආශ්චර්යමත් දහම් තිළිණයක් වූ බව නොරහසකි.
ශ්‍රී ලාංකේය කිතුනු දහම් කෙත අස්වැද්දීමේ අසීරු කර්තව්‍ය බාර ගත් ජුසේවාස් පියතුමන්, එකී මෙහෙවර විඳිමින් එය ඉෂ්ඨ කිරීම සඳහා පිඹුරුපත් සකස් කළේය. දේව ප්‍රඥාව හා ශුද්ධාත්ම මග පෙන්වීම අනුව, තමාට පැවරී ඇති දුෂ්කර හා අභියෝගාත්මක මෙහෙවර අනාගතයට දායාද කිරීමේ මූලික පරමාර්ථය මුල් කර ගනිමින්, තම නිකායේ පිහිට පතන උන්වහන්සේ, මේ අසීරු කාර්යයට තම ඥාති පුත්‍රයෙකු වූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් හට, පුද්ගලිකව මෙම සේවාවට ආරාධනා කරයි. එසේ කළේ එතුමන් තුළ තිබූ සහජ හැකියාවත්, භාෂා ඥානයත්, භාවිතා කරමින් දේව වචනය අනාගතයට ඉලක්ක කර ගනිමිනි.
තම ස්වාමි මහප්පාගේ මුල් ඉලක්කය ම තමන්ගේ ද ඉලක්කය කර ගනිමින් දෙවිඳුන් තමන් හට දී ඇති සාහිත්‍යයම ඥානය විවිධ වූ කුසලතා සහ තලෙන්තු යන දේව තිළිණයන් තම දහම් ප්‍රචාරණය ලක් දෙරණ තුළ ඒවා දිය කරවන්නට තරුණ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් කිසිදා මැළි වූයේ නැත.
භාෂා ප්‍රාඥයෙක් මෙන් ම, ගැඹුරු සාහිත්‍ය ඥානයකින් හෙබි එතුමන් ට ඒ සියල්ලටම නොදෙවෙනි තවත් සුවිශේෂි හැකියාවන් ද තිබුනි. ඒ භාෂාව සාහිත්‍ය රසවින්දනයට ගෝචර වන සේ නිර්මාණශීලීව හසුරවමින්, කරන ලද ගද්‍ය පද්‍ය සහ ඒවාට නව සංගීතමය විශ්ව භාෂාව යොදවමින් අලංකරණය කිරීම ය. තම සුරතින් ලියූ පොත් පත් බොහොමය. ඒ අතර. අදටත් වයසින් බොහෝ මුහුකුරා ගිය කිතුනුවන් සතුව ඇති දේශනා නවයේ පසම් පොත, සලකනුයේ ජාතික උරුමයක් බඳු පුස්තකයක් ලෙස ය. එතුමන් සතු වූ විශේෂඥ භාෂා ඥානය නිසා ම එතුමන් හඳුන්වන්නේ පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වේස් පූජා ප්‍රසාදීන් වහන්සේ ලෙස ය.
මහා භාරතයේ පඬිවරයාණන් ලෙස විරුදාවලිය ලද රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් මෙන් ම, ලෝක සිතියමේ දේශජ කිතුනු සලකුණ තබන්නට අප දේශයේ උපත නොලද වුව ද අප දේශයට, එහි සංස්කෘතියට ඉප දී දේශයේ කිතුනු මහා පඬිවරයාණන් ලෙස නම් කිරීම කිසිසේත් ම අතිශෝක්තියක් නොවන්නේ ය. දේශිය සාහිත්‍ය එතුමන් ගෙන් දායාද ලද බොහෝ ප්‍රගමනයන් අතර, වේගයෙන් මියැදෙමින් පවතින පසම් හා ලතෝනි ශෝකාකූල ජන ගායනා ශෛලිය, කිසිදු කිතුනුවෙකු අමතක නොකළ යුතු එතුමන් ගෙන් ම ලද විශ්ව සාහිත්‍ය උරුමයකි.
ලෝකයේ අති දැවැන්ත සොයා ගැනීම් සහ විශ්වයේ ම නිර්මාණ අතර එදත් අදත් හෙටත් භාෂාකරණය හා නිර්මාණශිලි භාෂණය අංක එකේ රඳවා ඇත. එය සැබවින් ම විශ්ව කර්ම නිර්මාණයකි. එහි බර සාර බව හඳුනාගත් එතුමන් භාෂණය තමන්ගේ හෘද ස්පන්දනය කර ගනිමින්, භාෂාවේ සියුම් තරංග හරහා ජනතාවට ඉතා සංකීර්ණ දේව ධාර්මික ඉගැන්වීම් සහ සිද්ධාන්තයන් ඉතා සරල ව භාෂණයට පෙරළුවා පමණක් නොව, එහි භාෂාවට හා සාහිත්‍යයට ගුණයන් එකතු කරමින්, ගද්‍ය පද්‍ය නිර්මාණ කරමින්, මිනිස් හැඟිම් වල සියුම් ප්‍රභේදයන් සියුමැළිව ස්පර්ශ කරමින්, ජේසුස් වහන්සේ ගේ දුක්ඛප්‍රාප්තිය , කුරුසය තුළ මරණය සහ උත්ථානය යන ත්‍රිත්ව දේව ධර්මතා, ශෝකය නැමති රසකාරකය එකතු කරමින් ජන භාවිතයට ගෙනෙන්නට එතුමන් ගෙනැති උත්සාහය අතිශය ප්‍රශංසනීයය. එය මා දකින්නේ හාස්කමන් ලෙසින් ය.
එකී වස්තු බීජ මත ලියවුනු, එකී ගද්‍ය පද්‍ය පසම් ලතෝනි ලෙසින් ඉතා සියුම් ව පසමෙන් පසමට ගමෙන් ගමට ගෙයින් ගෙට දොරින් දොරට මීසමෙන් මීසමට පදවියෙන් පදවියට වෙනස් වන ආකාරය, එහි හැඩතල, එහි අලංකාරයන්, එහි ලය, එහි ස්වර ප්‍රභේද උස් පහත් එකී නොකී බොහෝ අලංකරණයන් තුළ මා දකින්නේ විශ්ව නිර්මාණ ප්‍රාතිහාර්යයයි. එතරම් සියුම් ලෙස භාෂණය හසුරුවමින් නිර්මාණ කිරීමට එතුමන්ට ප්‍රඥාව ලැබුනේ කොහෙන්ද???
එදා මෙදාතුර එවන් ශෝකාකූල ජන ගායනා ශෛලීන් හරහා කොතරම් නම් මිනිස් හදවත් සියුම් ලෙස ස්පර්ශ කර ඇද්ද? කොතරම් ජීවිත සුවපත් කර ඇත්ද? කොතරම් මිනිස් ජීවිත ගලවාගෙන ඇත්ද?
එවන් විශ්ව කර්ම නිර්මාණයන් මියයාමට ඉඩදිය හැකි ද? නැති වී යාමට ඉඩ හැරිය යුතු ද? එවන් දේශජ ජාතික උරුමයන් මහ පොළවට පස් වීමට ඉඩ නොදී ඒවා ඵල දරන්නට සැලැස්වීම ජාතික අවශ්‍යතාවයක් සේ හඳුනාගත් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරි පින්තු මහත්මිය, වහ වහා ක්‍රියාත්මක වෙමින් එයට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දුන්නා පමණක් නොව, එය කාලීන ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින්, ඒවා විගස සංරක්ෂණය කිරීම සඳහා පිඹුරුපත් සකස් කළා ය. එවන් විශ්ව කර්ම නිර්මාණ මෙතෙක් පැවතීම ද ආශ්චර්යයකි. පුදුමයකි. මන්දයත්, විදුලි සැරෙන් මෙන් වෙනස් වන ලෝකයේ, එදා පරම්පරාවෙන් පැවත එන හුරු පුරුදු ඒ වේගයෙන් ම මියැදෙමින් පවතිනුයේ නව තාක්ෂණික මෙවලම් වල උපතත් සමග හෙයිනි. එදා ආච්චී, සීයා සැලකුනේ දැනුම් සම්භාර ලෙස ය. උපදේශන මධ්‍යස්ථාන ලෙස ය. එවන් සංස්කෘතික ව්‍යුහයක් තුළ එකින් එකට බැඳී තිබූ පවුල් සංස්ථාව, අද වන විට දෙදරා විනාශ වී අවසානය. එදා ආච්චි, සීයා චතාරිකය ආරම්භයේ දී, තම දරුවන් ද දරුවන් ගේ දරුවන් ද, කලාල මත වාඩි කරගෙන, ඔවුන් ගේ ආච්චි සීයාගෙන් උරුම කරගත් පසම් ලතෝනි ගායනා හුරුව හුරු කළේ ඉතා අව්‍යාජව ය. පාරම්පරික ව මුඛ වහරෙන් පැවතී ආ එවන් මිල කළ නොහැකි උදම් වූ උරුමයන් අද අප අතර නොමැත.
එහි ඇති අන්තරා ඉතා සියුම් ලෙස හඳුනාගෙන, එම උත්කෘෂ්ඨ, නිර්මාණශීලී, ශෝකාකූල ජන ගායනා ශෛලීන් තවත් සහස්‍රයකට නොව ලොව පවතින තුරු නොමැරී පවතින ක්‍රමවේදයක් සොයා යන්නට ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව පළමුව කරනුයේ එම විෂය බද්ධ ක්ෂේත්‍රයේ ප්‍රාඥයින් සොයා මුණ ගැසීම ය. සිරිලක සතර දෙසින් එවන් ප්‍රාඥයින් සොයා, ඔවුන්ගේ වටිනා අදහස් යෝජනා එකතු කරමින්, පසම් සංරක්ෂණ කමිටුවක් පිහිටුවාලීම ය.
සිව් වසරක ට ආසන්න කාලයක් ආ ගමනේ ආරම්භය ගන්නේ සලාපුරෙනි. එයට විශේෂ හේතුවක් තිබුනි. එය මා සටහන් නොකළොත් මා විසින් ම සිදු කර ගන්නා සිය දිවි හානි කර ගැනීමක් වැනි ය. මා එසේ පවසනුයේ, පසම් ලතෝනි වලට පෙම් බැන්ද පළමුපෙම්වතෙක් අප සමග සිටි නිසා ය. එහෙත්, අද ඔහු අප හැර ගොස් ය. නමින් ගරු ෆ්‍රෑන්ක් තිසේරා පූජාප්‍රසාදීන් වහන්සේ ය. එතුමන් ගෙන් පුද්ගලික ව මා ඉගෙනගත් දේ බොහෝ ය. පසමට පෙම් බැඳි දෙවැන්නා වීම ගැන මා හද කොනේ ඇත්තේ සියුම් අභිමානයකි. ආඩම්බරයකි. එය මෙම සටහනේ ඉතා අව්‍යාජ පුංචි සෙල්ෆියකි. සලාපුර පීරා පසම් ලතෝනි සොයන්න අපට අවශ්‍ය නොවී ය. එය හිතුවාට වඩා අපූරුවට නිම කර තිබීම මගේ බරින් හරි අඩක් ඔළු ගෙඩියෙන් අරන් බිම තිබ්බා සේ ය. සලාපුරයේ පසම් ලතෝනි කාර්ය, මුල සිට අගටමත්, අග සිට මුලටත්, ඇත්තේ අමතක නොවන මතක සාගරයකි. එය වෙනම ආචාර්ය උපාධියක පර්යේෂණ ග්‍රන්ථයක කරුණු ප්‍රමාණය ඉක්මවා යන තරම් විශාල ය. රූ ගත කිරීම්, පුද්ගලිකව මාගේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් අත්දැක්ක දවස් ත්‍රිත්වයයි. එය ද වචනයෙන් දෙකෙන් ලියා නිම කළ නොහැකි ය. එය තවත් ප්‍රාතිහාර්යයකැයි කියා මම අවසන් කරමි.
එතැනින් නොනැවතී, පාස්කු සංදර්ශනයෙන් ලෝකයට අප රට ගෙන ගිය පුංචි රෝමය ලෙස විරුදාවලිය ලත් මීපුරයෙනි. එය අපගේ දෙවැනි අඬහැරය ඇරඹුන වේදිකාවයි. මී පුරය, කලාගාරයක් බඳු, කලා කරුවන්ට උපත දුන්, උපත දෙන සශ්‍රීක තෝතැන්නකි.
අමතක නොවන මතක අතර, සලාපුරයේ පසම් ලතෝනි එළිදැක්ම, අප තව තවත් අපූරු වූ අත්දැකීමක් එකතු කරා කීවොත් එය බොරුවක් නොවනු ඇත. එය සලාපුරයෙන් මී පුරට සහෝදරත්වය හුවමාරු වුනු ඉතා ආකර්ෂණීය මොහොතකි.
සලාපුරයේ මෙන් ම, මීපුරයේ කළ වික්‍රමයන් සටහන් කිරීම, මා නොකළ යුතු ය. මන්දයත් එය අභිරහසක් පැහැදිලි කරන්නට යන නිශ්ඵල වෑයමක් බඳු වන නිසා ය. එය එතරම් ම විශ්ම කර්ම ක්‍රියා රාශියක එකතුවකි. එය ද සලාපුරයට නොදෙවෙනි සේ ප්‍රාතිහාර්යාත්මක ය.
මී පුරයේ පසම් එළිදැක්ම, සලාපුරයේ මට්ටමින් කිරීමට අදටත් නොහැකි වූයේ, රටේ පවතින ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ යම් ස්ථාවරයන් නිසා ය. එහෙත් එය ඊටත් වඩා ගැම්මෙන් සරලව කරන්න වූයේ එය සංකේතාත්මකව සුළුවෙන්, එහෙත් අරුත් බරව වෙරළබඩ විවෘත, සජීවී පසුතලයක් දිග හරිමිනි.
මී පුරයෙන් නොනැවතී අපි ගියේ දක්ෂිණට ය. එය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම කිවහොත්, පසම් සොයා ගිය ගවේශනාත්මක ම චාරිකාවයි. පසම් සංරක්ෂණ කමිටුවේ ප්‍රබලයන් වූ ලෙනාඩ් කුරේ සහ අමිත ගෙන් එහි මූලාශ ලබා ගත් අපි වාද්දුවෙන් පටන් ගෙන කළුතර නොනැවතී ගාල්ල දක්වා යන්නට අත්වැල් සැපයූයේ දක්ෂිණ ලංකා කිතුනු කලා සංසදයේ අනුශාසක පියවරුන් වන ගරු ජූඩ් සපරමාදු නි.ම.නි. පියතුමා, ගරු දිනේෂ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු සෙස්සන්ට ය. ඔවුන් ට අපගේ ප්‍රණාම ය.
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම කිවහොත්, පසම් ලතෝනි තිඹිරි ගේ යන විරුදාවලිය ලත් මී පුරයේ හා සලාපුරයේවත් නැති පසම්, දක්ෂිණෙන් මතුවිය. සියල්ල එකතු කර ගත් විට 513 විය. එය තෝරා බේරා ගත් විට දක්ෂිණයට ම ආවේනික පසම් ලතෝනි 114 විය. එයින් ඔවුනට ගායනා කිරීමට හුරුව තිබුනේ පළමුව 48 වැනි සුළු ප්‍රමාණයක් වුව ද එය 60 දක්වා වැඩි කර ගැනීමට පසුව හැකි විය. සලාපුර හා මීපුරට අයිති නොවූ, දක්ෂිණට පමණක් අයිති පසම් තෝරා ගැනීම මහත් සංයමයකින් සහ පරිශ්‍රමයකින් කිරීමට, අධ්‍යක්ෂවරිය ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ගත් ව්‍යායාමය අතීශයින් ප්‍රශංසනීයය. ඒ අතර ආරම්භයේ සිට අවසානය තෙක් නොනිදා පහන් කළ එළි කිහිපයක් අමතක නොකළ යුතුය. චතුරි පින්තු අධ්‍යක්ෂවරිය ගේ සෙවනැල්ල සේ දෙපසින් සිටි කුළුනු දෙකක් විය. ඒ නමින් හසිනි සහ අමිතා ය.
රූගත කිරීම ලංවී තෙදිනක ට පෙර නාඋතු කන්ද නැවත නිරීක්ෂණය සඳහා මම ප්‍රධාන කැමරා ශිල්පීන් සහ කලා අධ්‍යක්ෂ කැඳවා ගෙන ගියෙමි. සියල්ල අවසාන ය. කන්ද මත කුරුසියක් සිටුවීම සඳහා මුළු ප්‍රදේශය ම ඩෝසර් කර හමාර ය. “අයියෝ” කියා කියවුනේ දිග සුසුමක් සමග හූල්ලමිනි. අප පෙර දිනක ගිය පටු මාර්ගය සම්පූර්ණයෙන් වසා තිබිනි. එතනින් යාමට තියා සිතීමට වත් බැරි ය. අප පෙර දින නිරීක්ෂණය කොට ස්ථිර කරගත් පසුතල සියල්ලට දෙවියන්ගේ පිහිටය. කැලයක් කපා කුරුසියක් හිටවා ඇත. එය කුරුසයට ගිය ජේසුට කොහොම දැනෙන්නට ඇද්ද කියා අප නාඋතු කන්දෙන් බැස්සේ එකී පසුතල වලට තිත තබමිනි.
අපගේ පළමු කාර්යය වූයේ, දක්ෂිණයේ සියලුම කණ්ඩායම් එකතු කරමින් ඔවුන් හට ධර්ම විවේකයකින් ධාර්මික ආරම්භයකටය. එය කෙටි වුව ද ජීවිත ස්පර්ශ කරන්නක් විය. එහෙත් බාධක නම් එමට තිබිනි. තාක්ෂණ බාධා, සන්නිවේදන බාධා, එකී නොකී බාධා පරයා, අප ධාර්මික ආරම්භයක් ගන්නට අවසානයේ පොහොසත් වූවා ය.
දක්ෂිණයේ භූගෝලීය පරාසයේ කළුතර ආශ්‍රිත ව, ගම්මාන අටක් සහ හුදකලාව වුව ද ගාල්ලේ නියෝජනය ද අන් තැනකට දෙවෙනි නොවී ය. පසම් හා ලතෝනි ගායනා පැවති මට්ටමේ සිට අවසානය දක්වා මට්ටම් කිරීම අතීශයින් ම දුෂ්කර කාර්යයක් වූවා ය. එය චතාරිකයේ ම සිදු වූ බැවින් ඒවා සියල්ල ම චතාරික මර්ධන ක්‍රියා ලෙස අවසානයේ මා එයට බාර කරන ලදී. අතීශයින් ම බාධක මැද්දේ ආ ගමනක් වුව ද, දැන් එය දකිනුයේ, අතීශය සුන්දර අත්දැකීම් පොකුරක් අප ජීවිත වලට එකතු වී ඇති බව ය. දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය ඇතුළු සෙසු කණ්ඩායම, මුළු වැඩේ ම මා සමග සිටියේ සීරුවෙනි. එයට හේතුව ඉලක්කයක් ඔස්සේ යන ගමනක දී ආඥාදායකයෙකු සේ දැඩිවත්, හැඟිම් ගණුදෙනු වල දී සුන්දරවත් යෑමට විම ය. ඔවුන්ගේ වචනයෙන් ම කිවහොත් “සැරයි, ටිකයි”. හරියට සුන්දර ආඥාදායකයෙක් ලෙස ය.
අතීශයින් ම එය අති දුෂ්කර කාර්යයක් වූයේ, ඉතා කෙටි කලක් ඇතුළත සියල්ල සැලසුම් කිරීමට වීම ය. එක් පෝයකින් ආරම්භය ගෙන අපි, දෙවෙනි පෝය රූ ගත කිරීම් සිදු කර, තෙවන පෝය ලබන්නට මත්තෙන් නිර්මාණය ජනතා සන්තක කිරීම අපගේ අභිලාෂය විය. එය සැබවින් ම මට නම් ප්‍රාතිහාර්යයකි. එය සලාපුරේ , මීපුරේ නොව දක්ෂිණයේ පමණක් සිදු වූවකි.
පසම් ගායනයේ යෙදුනු බහුතරයක් දෙනා කාන්තාවන් ය. ඔවුන් ගෙන් බහුතරයක් වයසින් මුහුකුරා ගිය බවලත් උදවිය ය. රූගත කිරීම සඳහා දින තුනක් පෙබරවාරි මස 23,24,25 වුව ද, අපට නම් ඒ දින තුන එක ම දිනයක් සේ විය. මන්ද පැය තුන හතරක විවේකයකින් නැවත වැඩේම ය. රූගත කිරීම් අවසන් වූයේ පැය 27 දීර්ඝ මෙහෙයුමකිනි. කාලය එසේ ගෙවී ගිය ද අපට එය නොදැනුනේ මූලික කාර්යය තුළ අපි හැමෝ ම නිවැරදි ව නොවෙනස් වී සිටි නිසා ය.
මහා පාන්දර වැඩේට බැස්ස අපි පැය 27ක් එක දිගට එක එල්ලේ එල්ලී සිටිය ද කිසිම කන් කෙඳිරියාවක් ඇසුනේ නැත. අනේ බෑ, දැන් අපිට අමාරුයි, දැන් ඇති, .... මේ කිසිවක් ඇසුනේ නැත. අවුරුදු 80 අවුරුදු 90 ආච්චිලා සීයලාගේ දැඩි අධිෂ්ඨානය දරා ගැනීම නොසැලී සිටි මා සසල වූ අභියෝගාත්මක අත්දැකීම් අතර ඉහළින් ය. එයට මාගේ නමස්කාරය ඔවුනට ලෝබ නැතුවම ය.
නිර්මාණයට දායක වූවන් ද තාක්ෂණයෙන් දායක වූ ශිල්පීන් ද මා සමග සිටියේ සීරුවෙන් ම ය. ඒ ඔවුන් මා සමග පසුගිය වැඩ වල දී ඔවුන් ලද නිරන්තර අත්දැකීම් වල හුරුවෙනි. අදටත් ඔවුන් කථා කරන සෑම විට ම, ඔවුන් එය සිහි කරනුයේ, දෙවියන්ට පින් දෙමිනි. එය ඔවුන්ට අතිශයින් ම සුන්දර වූ අත්දැකීම් සමුදායකි. සිහිනයකි. ඔවුන් ට කිසිදා එය අමතක නොවනු ඇත. මොන දේ අමතක වුව ත්, මාගේ සුන්දර ආඥාව නම් අමතක නොවන බව පැවසුවේ මාගේ වචනයෙන් ම කථා කරමින් “වන්, ටූ ත්‍රී ෆෝ වන් ඇ..ක්...ෂ...න්....” හරියට ම ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියා කපන්නා වැනි ය.
හා හා පුරා කියා දේව නමස්කාරයෙන් සලාපුරෙන් ආරම්භය ගත් අප මී පුර පසුකර, දක්ෂිණයේ ද වැඩ අවසන් කර හමාර ය. ඊ ළඟ “ඇ..ක්...ෂ...න්....” කියන්නට වහකෝට්ටේ බලා සිටී. දක්ෂිණයේ නොනැවතී වහකෝට්ටේ වැඩට අතගහලා උතුරට යන්නයි අපේ අනාගත සැලසුම. ඒ සියල්ල දෙවියන්ට බාර දීලා, වෙච්ච හොඳ නොහොඳ ඔක්කොම දෙවියන් බලාගත්තාවේ කියා මං නවතින්නම්.
ඒ සියල්ල ම සිදු වූයේ දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ ම අනුග්‍රහයෙනි. සිදු වූ යහපත් සියල්ලේ ම මහිමය උන්වහන්සේට ම ය. එය එසේ හමාර විය.
කටුකුරන්ද පසම් කණ්ඩායම
කලමුල්ල පසම් කණ්ඩායම
වාද්දුව පසම් කණ්ඩායම
කුඩා පයාගල පසම් කණ්ඩායම